May 05, 2024

"එයත් එන්නත ගත්තේ හමුදාවෙන්" - රනිල්ට හමුදාපතිගෙන් සැර ප්‍රකාශයක් (VIDEO)

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බළකායට චෝදනා කළ ද ඔහු කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තේ යුද හමුදා එන්නත් මධ්‍යස්ථානයකින් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා.

"ශ්‍රී ලංකාවේ ජනතාව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කරනු ලබන මේ එන්නත්කරණය පිළිබඳව විශාල ප්‍රසාදයක් පළ කර සිටිනවා. එවන් අවස්ථාවක එක් පුද්ගලයෙක් පමණක් විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා ලෙස හා යුද හමුදාපතිවරයා ලෙස මගේ යුතුකමක් වෙනවා මේ ගැන පවසන්න. ඒ අනුව යුද හමුදාව, සෞඛ්‍ය අංශවලින් සිදුකරනු ලබන එන්නත්කරණය විවේචනය කරද්දි රටේ ජනතාව දැනගත යුතු කාරණය තමයි එතුමා එන්නත ලබාගත්තේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ මුලික රෝහල නාරාහේන්පිට රෝහලට ඇවිල්ලා අපේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් තමයි. එතුමාට ශ්‍රී ලංකා යුද හමුදාව තුළින් එන්නත ලබාගැනීමට අවශ්‍ය වුණානම් රටේ ජනතාවගේ එන්නත්කරණය වැරදි කියනවා නම් ඒ ගැන ජනතාව තීරණයක් ගත යුතුයි."

සබැඳි පුවත් - "තීන්දුව හරි වෙලාවටම ගන්න - නැත්තම් රට අගාදයට" - රනිල් වික්‍රමසිංහ

Rate this item
(0 votes)
Last modified on Monday, 09 August 2021 14:35