May 05, 2024

"තීන්දුව හරි වෙලාවටම ගන්න - නැත්තම් රට අගාදයට" - රනිල් වික්‍රමසිංහ

වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින්.

කොරෝනා මර්දන බළකාය වහාම විසිරුවා හැර නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් කොරෝනා මර්දනය කරන්නට ක්‍රියා කළ යුතු යැයි ද එසේ නැතිනම් ලංකාව 21වන ශතවර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇතැයිද හිටපු අගමැතිවරයා සඳහන් කළා.

ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගෙන යන ක්‍රමවේද අසාර්ථක වී ඇති බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තවත් කල් ගන්නට හැකියාවක් නැති අතර නීතියෙන්ම ස්ථාපිත කර තිබෙන ආපදා කළමනාකරණ මණ්ඩල මගින් මේ අර්බුදයෙන් ගොඩ එන්නට සැලසුම් සැදිය යුතු බවද සඳහන් කළා.

Rate this item
(4 votes)