May 12, 2024

මන්ත්‍රීගෙන් බෝම්බයක්: ඡන්දය පනතට විරුද්ධව බව අගමැති ඉදිරියේම කියයි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම් පතට එරෙහිව සිය ඡන්දය භාවිතා කරන බව ගෙවිඳු කුමාරතුංග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ ප්‍රකාශ කොට තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

අරලියගහ මන්දිර වැඩමුළුව

ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙන්නේ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම. දැනුවත් කිරීම සඳහා මීට ටික දිනකට පෙර අරලිය ගහ මන්දිරයේ පැවැති වැඩ මුළුවක් අතරතුරය.

මෙම වැඩමුළුවට අග්‍රාමාත්‍යවරයාද සහභාගී වී සිටියා.

මෙම වැඩ මුළුවේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා පනත පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කළ බවත් වාර්තා වනවා.

කුමාරතුංගට මන්ත්‍රීවරයා සිය ස්ථාවරය සඳහන් කොට තිබෙන්නේ එම දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

අනිත් වැඩමුළුව අවලංගුයි

මෙම වැඩ මුළුවට පසුදින පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳහා තවත් වැඩමුළුවක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණද එය අවසාන මොහොතේ අවලංගු කරනු ලැබුවා.

ඒ එම වැඩමුළුව අතර තුර මෙම පනතට පක්ෂ හා විපක්ෂ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මත ගැටුමක් ඇතිවීමට ඉඩ තිබෙන බවට තොරතුරු හෙළිදරව් වීම නිසයි.

එනිසා මෙම පනත් කෙටුම්පත පිළිබඳව සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 August 2021 16:15