May 12, 2024

එජාපය බලවත් කරන සැලසුම එලියට

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මෙතෙක් සඟවාගෙන තිබූ රහසක් හෙළිදරව් කරනවා.

ඒ නැවත ශක්තිමත් වී රටේ බලවත්ම පක්ෂය බවට එ.ජා.පය පත් කිරීමේ ගමන් මග දැන් අරඹා ඇති බවයි.

මූලික සැලැස්ම ආසන මට්ටමින්

එහි මූලික සැලැස්ම ලෙස දිස්ත්‍රික් ආසන සංවිධාන කමිටු පිහිටුවීමට තීරණය කළ බවයි නියෝජ්‍ය නායකයා පෙන්වා දෙන්නේ.

ආසන සංවිධාන කමිටු සෑදීම සඳහා පාක්ෂිකයන් තුළ දැඩි උනන්දුවක් තිබෙන බව පෙන්වා දෙන නියෝජ්‍ය නායකයා ඉදිරියේදී රටේ තිබෙන දිස්ත්‍රික්ක 25 තුළම ආසන සංවිධාන කමිටුව හදන බවයි සඳහන් කරන්නේ.

සංවිධාන ජාලය ශක්තිමත් කිරීම

ආසන සංවිධාන කමිටු හරහා පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කිරීම තුළින් මේ වන විට ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට සීමාවී ඇති එ.ජා.පය නැවතත් රටේ බලවත්ම පක්ෂය කරන බව නියෝජ්‍ය නායකයා අවධාරණය කරනවා.

රජයේ දුරදර්ශී වැඩපිළිවෙල නිසා ජනතාව දිනෙන් දිනම රජය ප්‍රතික්ෂේප කරන තැනට පැමිණෙමින් තිබෙන මේ වේලාව පක්ෂයක් ලෙස සංවිධානය වීමට හොඳම වේලාව බවයි නියෝජ්‍ය නායකයා පෙන්වා දෙන්නේ.

එ.ජා.ප නියෝජ්‍ය මෙම අදහස් සැලසුම් හෙළි කළේ බදුල්ල දිස්ත්‍රික්කය මුල් කොට ගනිමින් පැවැත්වූ ආසන සංවිධාන කමිටු පිහිටුවීමේ වැඩ සටහනකට එක්වෙමින්.

එළඹෙන සැප්තැම්බර් 6 වෙනිදාට යෙදෙන එ.ජා.පයේ 75 වන සංවත්සරයේදී ආණ්ඩු බලය ගන්නා සැලැස්ම පක්ෂයට ඉදිරිපත් කරන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ප්‍රකාශ කොට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 23:58