May 06, 2024

බුද්ධි අංශයෙන් උද්ඝෝෂකයන් ගැන අනාවරණයක්

සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් තොරව සිදුවන ජන ඒකරාශී වීම් රට පුරා කොවිඩ් 19 වෛරසය වේගවත්ව පැතිර යාමට හේතුව වී ඇති බව බුද්ධි අංශ විසින් දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බව ද බුද්ධි අංශය දැනුම් දුන් බව යි එම මාධ්‍ය අංශය පවසන්නේ.

එමෙන්ම එම එක් උද්ඝෝෂණයකට අවම වශයෙන් 1500කට වඩා පිරිසක් සහභාගී වී ඇතැයි ද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ සැප්තැම්බර් මාසයට පෙර වයස අවුරුදු 18ට වැඩි සියළුම දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබා දිය හැකි පරිදි එන්නත් ඇනවුම් කර ඇති බව යි.

අවශ්‍ය වුවහොත් තෙවැනි මාත්‍රාවක් ද ලබා දීමේ හැකියාව රජය සතු බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු අවධාරණය කර සිටියේ පවතින වංසංගත තත්ත්වය හමුවේ ඇති විශාලතම ගැටළුව වන්නේ සමාජය තුළ මාස්ක් භාවිත නොකරන්නන් ගැවසීම බව යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 19:57