May 06, 2024

සජිත් තලංගම පොලීසියට! 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය සභාපති අමිල සංදීප ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති තලංගම පොලිසියට අද (06) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේය.

කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන එහි රදවා සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා එහිදී සොයා බැලුවා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසූවේ ආණ්ඩුව අතිශය මිලේච්ඡ ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන අරගලකරුවන්ට එරෙහිව කටයුතු කරන බවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම එහි එක් පියවරක් බවත්ය.

අපි දිගටම අරගලයේ

රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සමගි ජන බලවේගය දිගින් දිගටම අරගල කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, දුක, කදුල, වේදනාව මතින් නැගෙන ජනතා අරගල නතර කිරීමට ආණ්ඩුවට නොහැකි බවද සඳහන් කරනවා.

රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට රැගෙන යාමට පෙර රට තුළ විසඳාගැනීම සිය ප්‍රතිපත්තිය බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ පවත්නා කොරොනා ව්‍යසනය හේතුකොටගෙන ජනතාව ගැන සිතා සමගි ජන බලවේගය විසින් දියත් කරනු ලබන විරෝධතා සහ පා ගමන් කෙටි කලකට අත්හිටුවන බවද ප්‍රකාශ කළා.

නමුත් ආණ්ඩුව ජනතාවට එරෙහිව ගෙන එනු ලබන සියලු ක්‍රියාමාර්ග වලට එරෙහිව කරනු ලබන අරගලය නතර නොකරන බවද පැවසුවා.

Rate this item
(2 votes)