May 06, 2024

වරාය ගමන මුල්කොට ගෙන විපක්ෂ නායක - ඇමති පැටලේ

අද (5) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත් අඩංගුවට ගත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් බැලීමට වරාය පොලිසියට ගිය අවස්ථාවේ ඊට අවස්ථාව ලබා නොදීමේ සිද්ධිය මුල් කොටගෙන පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. 

ඒ සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් නැගීම මුල් කොටගෙන.

වරාය ඇමැති මැදිහත්වීම

එම ප්‍රශ්නයට වරාය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ වරාය අධිකාරිය ඇතුලට ඇතුල් වීම ආවට ගියාට කළ නොහැකි බවත් ඒ සඳහා ආයතන තුනක අවසර ලබා ගත යුතු බවත්ය.

එම ආයතන තුනේද නම් සඳහන් කළ අභයගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයා අවම තරමින් විෂය භාර අමාත්‍යවරයා ලෙස මේ සම්බන්ධයෙන් තමාව දැනුවත් කළ යුතුව තිබුණු බවයි.

ඒ සමගම සභාව තුල උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කොවිඩ් පතුරුවන්නද දන්නෙ නැහැ

විපක්ෂ නායකවරයා වරාය අධිකාරිය තුළට යෑමට උත්සාහ කළේ එම භූමිය තුළ සේවය කරන සේවකයන් අතර කොවිඩ් වසංගතය පතුරුවා ආනයන අපනයන ක්‍රියාවලිය අඩපණ කිරීමේ සැලැස්මකට දැයි බවට සැකයක් තිබෙන බව අමාත්‍යවරයා සදහන් කළා.

එහෙත් එම සිදුවීම් අවම විවාදයක් දක්වා දුරදිග යාමට ඉඩ නොදී කතානායකවරයා විසින් නතර කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 15:32