May 06, 2024

සජිත්ගෙ නිවාස සංකල්පය: "එක ගේකට එක පෝස්ටරයක්" - ඇමති රත්තරන්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමති හැටියට හදපු ගෙවල් පිළිබඳ ප්‍රචාරයට වියදම් කළ මුදලින් සෑදිය හැකිව තිබූ නිවාස සංඛ්‍යාව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ මහ බැංකුව පිළිබඳ විවාදයට එක්වෙමින්.

ගෙවල් ගාන හා සමාන පෝස්ටර ගාන

යහපාලන ආන්ඩුවේ නිවාස අමාත්‍යවරයා හැටියට සජිත් ප්‍රේමදාස මහතා නිවාස 24000ක් හැදුවා නම් ඒ සඳහා ප්‍රචාරයට ඒ හා සමානම පෝස්ටර සංඛ්‍යාවක් එනම් 24000ක් බිත්ති , තාප්ප පුරා ඇල්ල වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තවත් ගෙවල් දාහක්

එසේ ප්‍රචාරණය සඳහා වියදම් කළ මුදලින් මමත් නිවාස 1000ට වඩා සෑදිය හැකි ව තිබූ බවයි අමාත්‍යවරයාගේ ඇස්තමේන්තුව වන්නේ.

එහෙත් වත්මන් රජය සෑම ගමකට එක ගෙයක් සෑදීමේ ව්‍යාපෘතියක් ගෙන යන මුත් එය ප්‍රචාරය කිරීම සඳහා අවම තරමින් පෝස්ටරයක් හෝ අලවමින් ප්‍රචාරණයක් ලබා නොදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)