May 19, 2024

මහින්දානන්දට කොරෝනා! එන්නත් දෙකම අරන්

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබෙනවා.

කෙසේවෙතත් අද (04) දිනයේදී ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

මේ වන විට අමාත්‍යවරයා නිරෝධායනයට ලක්ව සිටියි.

අලුත්ගමගේ මහතා කොරෝනා සදහා එන්නත් කල ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකි.

Rate this item
(0 votes)

Related items