May 20, 2024

ඇමති ගම්මන්පිල නිරෝධායනයට

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල නිවෙස් නිරෝධායනයට ලක්ව තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා පවසන්නේ බලශක්ති අමාත්‍යාංශයේ සේවකයින් පිරිසක් කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවත්ය.

තමන්ගේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය අනුව තමන් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වුවත් අමාත්‍යාංශය විෂබීජහරණයට ලක් කළ බවත් ලබන සිකුරාදා (06) දක්වා වසා තැබෙන බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් තමන් අද (03) දිනයේ සිට නිරෝධායනයවීමට තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Rate this item
(0 votes)