May 12, 2024

ආණ්ඩුව ඇතුළේ විරෝධය පුපුරයි! අගමැති මහින්දගේ හමුව දැඩි උණුසුම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වනවා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අතර ඇතිවූ සංවාදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පැවසූවේ.

පනතට විරුද්ධව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම සුළු පක්ෂවල මන්ත‍්‍රීන් කිහිප දෙනෙකු ද අදහස් පළ කර තිබෙනවා. ඒ අතර සුසිල් ප්‍රේමජයන්ත, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ ‌ප්‍රේම්නාත් සී දොලේවත්ත අදහස් ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

පනත සිකුරාදා නොඑන ලකුණු

ඊ‌ට පක්ෂව අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා අදහස් දක්වා ඇතැයිද වාර්තා වනවා.

ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කරන බවත් එහි තීරණය එනතෙක් පනත ඉදිරිපත් නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබෙනව බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මන්ත‍්‍රී කණ්ඩායම් හමුව විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 04 August 2021 08:58