May 05, 2024

නිර්දේශ ඉවත් කරන්න - රනිල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඊයේ(02) ගොනු කර තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිනවා.

එම කොමිසමේ වාර්තාවෙහි 17-21 පිටු වල තමා සම්බන්ධයෙන් ඇති නිර්දේශ සහ සොයාගැනීම් ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායකවරයා සිය පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ එම කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ මෙම කොමිසම විසින් සාක්ෂි දීම සදහා තමන් ට කැදවීම් කළ අතර ඒ අනුව 2020වසරේ සැප්තැම්බර් 04දින එහි පෙනී සිටි බවත් ,විත්තිකරු වකු ලෙස නොව සාක්ෂි කරුවකු ලෙස තමන් ට සලකන බව එම කොමිසම දැනුම් දීම නිසා තමන් ට එරෙහිව සොයාගැනීම් සහ නිර්දේශ එම කොමිසමෙ හි වාර්තාව ට ඇතුළත් නොවනු ඇති බවට සාධාරණ අපේක්ෂාවක් තිබුණු බව පෙත්සමෙහි සදහන් වනවා.

එම කොමිසමට කැදවූ අවස්ථාවේදී තමන්ට චෝදනා පත්‍රයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව පෙත්සම්කරු කියා සිටිනවා.

Rate this item
(0 votes)