May 11, 2024

හවුල්කාර පක්ෂ අවුල දුරදිග යයි - අගමැති සියලු දෙනා කැඳවයි Featured

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙනවා.

මේවන විට ආන්දෝලනයට ලක්ව ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේම පාර්ශව කිහිපයක් දැනටමත් විරෝධය පළකර ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය අදහස් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද හෙට (03) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

මේ වන විටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා නොදෙන බව හිටපු ජනපති, මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එම පනත සංශෝධනයට ලක් නොකරන්නේ නම් අදාළ ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයද ඉකුත්දා තීරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 August 2021 13:30