May 04, 2024

රනිල් දිගටම හරීන් පසුපස: පොරොන්දුවකුත් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල වැඩිම උනන්දුව දක්වන්නෙ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පාස්කු ඉරු දින ප්‍රකාශ ප්‍රශ්නයටයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වූ කැඳවා තිබුණා.

අන්තිම මොහොතේ දුන් උපදෙස්

එහිදී එම ප්‍රකාශයේදී කිවයුතු දේවල් පිළිබඳව උපදෙස් මාලාවක් වික්‍රමසිංහ මහතා විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ලබා දුන්නේ ප්‍රකාශය ලබා දීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුළට යාමට සුළු මොහොතකට පෙරයි.

ප්‍රකාශය ලබාදීමෙන් පසු එළියට පැමිණි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් තිබෙන ප්‍රගතිය දැනුම්දීමට වික්‍රමසිංහ මහතාට ගත් ඇමතුමේදී වික්‍රමසිංහ මහතා තවත් සැලැස්මක් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කිරීමට සහතික වී තිබෙනවා.

තවත් හොඳ ප්ලෑනක්

තමා ළඟ තවත් හොඳ සැලැස්මක් තිබෙන බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අමතා සඳහන් කර තිබෙන වික්‍රමසිංහ මහතා ඒ ගැන පාර්ලිමේන්තුවේ හමු වූ විට කතා කර ගමු යයිද ප්‍රකාශ කර තිබෙනවා.

එළඹෙන 3 දා පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුහුණ දී සිටින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයට උපකාර කරන මුවාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම සමගි ජන බලවේගය නියෝජනය කරන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසු පස වැටී තිබෙන බව ප්‍රකට කරුණක්.

Rate this item
(7 votes)
Last modified on Sunday, 01 August 2021 18:26