May 05, 2024

රනිල්ට පින පෑදෙයි: පරණ මන්ත්‍රී ගෝලයෙක් මැණික් පොකුරක් සමග මතුවෙයි

මේ දවස් වල සබරගමු පළාතෙන් හමුවන්නේ මැණික් පොකුරු පිටින්.

අලුත්ම මැණික් පොකුරක් ගැන අහන්ඩ ලැබෙන්නේ රක්වාන ප්‍රදේශයෙන්.

වසර කිහිපයකට පෙර හමුවීම

වසර කිහිපයකට පෙර හමුවී ඇති මෙම මැණික් පොකුර මෙතෙක් කල් එහි අයිතිකරු සඟවා ගෙනයි තබා තිබෙන්නේ.

ඒ එම පොකුර අලෙවි කිරීමට යෑමේදී ඇතිවිය හැකි ප්‍රශ්න නිසා.

හිටපු එ.ජා.ප මන්ත්‍රී

රක්වාන මැණික් පොකුර ගැන කතා කළේ එහි අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන නිසා.

ඒ කලක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අර්ල් ගුණසේකර මහතායි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ හොඳ ගෝල බාලයෙකු වූ ගුණසේකර මහතා මේ වන විට දේශපාලනයෙන් ඈත් වී සිටින්නේ.

සිරිකොතටත් වියදම් කළා

රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අර්බුද ඇති වූ අවස්ථාවල ගුණසේකර මහතා වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්.

ගුණසේකර මහතා කලක් සිරිකොතේ වියදම් වලින් කොටසක්ද දරුවා.

ඉතා දිගු කලක් එ.ජා.පය නියෝජනය කළ  ගුණසේකර මහතා අවසාන කාලයේ මහින්ද රාජපක්ෂ රජයට එකතු වුණා.

චීන මැණික් වෙළෙඳ පොළට

ගුණසේකර මහතාගේ මෙන්ම මැණික් පොකුර එළඹෙන නොවැම්බර් මාසයේ එළැඹෙන නොවැම්බර් මාසයේදී චීනයේ වෙන්දේසියේ අලෙවි කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.

මුලින් මැණික් පොකුර සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 100ක මුදලක් බලාපොරොත්තු වූ ගුණසේකර මහතා දැන් ඒ සඳහා බලාපොරොත්තු වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 50ක්.එනම් රු. මිලියන 12000 ක් පමණ.

මේ වන විට රටේ අලුත්ම රැල්ල මැණික් රැල්ල වී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 30 July 2021 21:42