May 04, 2024

හරීන් හරහා සමගිය කඩන්න රනිල් ෆුල් ට්‍රයි

සමගි ජන බලවේගය තුළ බෙදීමක් ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ තුරුම්පුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බවයි හෙළිදරව් වෙමින් තිබෙන්නේ.

වික්‍රමසිංහ මහතා පසුගිය මාස 6ක පමණ කාලය තුළ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කළ බව ප්‍රකට කරුණක්.

හරීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම

විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එල්ල වෙමින් තිබෙන චෝදනා වලින් මුදවා ගැනීම සඳහා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාටත් වඩා රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උනන්දුවකින් කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණක්.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද විශේෂ ප්‍රකාශයක් කළ වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ඔහුගේ පියා කියූ කාරණය තමන්ට කිවූ බවත් ඒ අනුව තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත තමන් අත්අඩංගුවට ගන්නා ලෙසත් සදහන් කළා.

වගකීම තමන්ද බාර ගැනීම

එතනින් නොනැවතුන වික්‍රමසිංහ මහතා මීට ටික දිනකට පෙර විශේෂ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව කැඳවූ හරින් ප්‍රනාන්දු මහතාට විශේෂ ප්‍රකාශය ලබා දීමට පෙර දුරකතන ඇමතුමක්දී තමන්ද මේ පිළිබඳව දැනුවත්ව සිටි බවත් ඒ නිසා තමන්ගෙන්ද ප්‍රශ්න කරන ලෙස විශේෂ සටහනේ දී සඳහන් කරන ලෙස වික්‍රමසිංහ මහතා දැනුම් දීමක්ද කළා.

වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසය තුළ කිසිම කෙනෙකුගේ වගකීමක් බාර නොගත් අතර මේ අවස්ථාවේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වගකීම භාර ගැනීම විශේෂත්වයක්.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දඩි බිඩි ක්‍රියා පිළිවෙත පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබෙන වික්‍රමසිංහ මහතා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පාස්කු ඉරුදින ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයට මැදිහත් වී ඒ හරහා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන්ගේ පැත්තට නතු කරගෙන ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්කය ඉතා පැහැදිලියි.

මෙතෙක් ගත් ක්‍රියා මාර්ග

සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් ඇති කිරීම සඳහා මේ වන තුරු වික්‍රමසිංහ මහතා ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වී තිබෙන්නේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේග විරෝධයද නොතකා සමස්ත කැබිනට් මණ්ඩලයට එරෙහිව ලෙස සංශෝධනය කිරීමට වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය අසාර්ථක වූයේ එම සංශෝධන යෝජනාව සම්මත කිරීමට පාර්ලිමේන්තුව තුළින් මන්ත්‍රීවරයෙකු සොයා ගැනීමට නොහැකි වීම නිසයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 31 July 2021 07:46