May 01, 2024

ශරියා නීතිය මෙරටට ගෙන එන්න සජිත් පිලෙන් යෝජනාවක්

සෞදි අරාබියාවේ පවතින නීති මෙරටට ගෙන එන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ඉල්ලා සිටිනවා.

ඔහු පවසන්නේ එවැනි නීති පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බව යි.

එය සම්මත කිරීමට තමා අත් දෙකම එසවීමට සූදානම් බව ද ඔහු අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසෙහි සේවය කළ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

මෙරටට ගෙන ආ යුතු බවට මන්ත්‍රීවරයා ඉල්ලා සිටින සෞදි අරාබියාවේ නීතිය සැකසී ඇත්තේ "ඉස්ලාම් ශරියා නීතිය" පදනම් කරගෙන යි.

ශරියා නීතියෙහි ඇති කෘෘරත්වය සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී බව පිළිබඳ කාලයක සිට මෙරට තුළ ද විරෝධයක් මතු වී ඇති පසුබිමක සුරේෂ් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය කැපී පෙනෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින්ට සෞදි අරාබියාවේ නීතියෙන් දඬුවම් දීමට නොහැකි නම් එම අපරාධකරුවන්ව බදුල්ල බස්නැවතුම ඉදිරියට ගෙනැවිත් දෙන ලෙසටත්, එවිට තමන් ඇතුළු පිරිස එම අපරාධකරුවන්ට සෞදි අරාබියාවේ නීතියෙන් දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

තැරැව්කරුවන් මාර්ගයෙන් වතුකරයේ දැරියන්ව තවදුරටත් කොළඹ සල්ලාලයින්ට ලබා දීමට කටයුතු කළ හොත් බදුල්ල දිස්ත්‍රික් ජනතාව නරක මිනිසුන් යැයි නොපවසන ලෙසට ඔහු අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.

තමන් කොළඹ සෑම නිවසකටම පැමිණෙන බවත්, වතුකරයෙන් කොළඹ ගොස් සිටින දූදරුවන් සිටින්නේ කෙලස ද යන්න එහි දී සොයා බලන බවත් වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පවසා සිටියා.

මේ අතර අප ජීවත් වන්නේ සෞදි රටක යැයි ඇතැම්විට සිතෙන බව සිංහල රාවය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් පවසනවා.

මෙරට සිට සෞදි අරාබියාව වැනි රටවල්වලට ගෘහ සේවය පිණිස ගිය කාන්තාවන්ට ඇණ ගැසීමේ සිද්ධි, පිළිස්සීමේ සිද්ධි සහ ලිංගික හිංසන පිළිබඳ සිද්ධි පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වන බව සිහිපත් කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙටර තුළ ද මේවන විට සිදුවෙමින් පවතින්නේ ඔවුන්ට ආවේනික ක්‍රියාදාමයක්දැයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්ණ කළ යුතු බව යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 09:33