May 04, 2024

සහයට මන්ත්‍රීවරයෙකු නැතුව රනිල් මැතිදු තනි වෙයි දියවන්නාවේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සංශෝධනයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය නිෂ්ඵල වුණා.

ඊට හේතුව කුමක්දැයි මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

යෝජනාවට සංශෝධනයක්

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි එරෙහිව ඉදිරිපත් කර තිබුන විශ්වාසභංග යෝජනාව සමස්ථ ඇමති මණ්ඩලයටම එරෙහිව ඉදිරිපත් කළ යුතු බවට සංශෝධනය කරන ලෙස යෝජනාවක් එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය නියෝජනය කරන වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ගෙන ආවා.

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට යම් යෝජනාවක් ඉදිරිපත් කළ විට එය තවත් මන්ත්‍රීවරයෙකු විසින් සම්මත කළ යුතු අතර වික්‍රමසිංහ මහතාගේ සංශෝධන යෝජනාවද එසේ මන්ත්‍රීවරයෙකු විසින් සම්මත කළ යුතුවයි තිබුණේ.

තවත් මන්ත්‍රීවරයෙකුගේ සහය

එම යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සම්මත කිරීමට සම්ප්‍රදානුකූලව නොහැකි බැවින් එය විපක්ෂයේම මන්ත්‍රීවරයකු විසින් සම්මත කළ යුතු වුණා.

එහෙත් වික්‍රමසිංහ මහතාගේ එම සංශෝධන යෝජනාව සම්මත කිරීමට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු ඉදිරිපත් වී නොමැති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ නිසයි වික්‍රමසිංහ මහතාගේ සංශෝධනය ඉවතට විසි වී තිබෙන්නේ.

එ.ජා.පයේ මතය බොරු වීම

රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහය තිබෙන බව එ.ජා.පය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළද එවන් සහයක් ලබාදීමට සමගි ජනබලවේගයේ කිසිවකුත් ඉදිරිපත් නොවන බව මින් තහවුරු වනවා.

සුළු පක්ෂවල අය ඉන්නවා කිව්වට ඒ අය කෝ යයි එහිදී සමගි ජන බලවේග මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇති බවත් දැනගන්නට තිබෙනවා.

බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉකුත් 19 හා 20 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාද වුණා.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පෙර දිනයි සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව  කතානායකවරයාට භාර දුන්නේ.

Rate this item
(2 votes)
Last modified on Saturday, 24 July 2021 11:21

Related items