May 04, 2024

විශ්වාසභංගය ගැන හරිම කතාව හිටපු ජනපතිගෙන්

උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයාට එරෙහි ව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ නිවැරදිම විග්‍රහය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ තැබුවේ එම විවාදයට එක්වෙමින්.

විශ්වාසභංගයේ සැබෑ ඉලක්කය

සමගි ජන බලවේගය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයේ සඳහන් කරුණු වලට ඔහු අතින් සිදු වූ බරපතළ දූෂණයක් හෝ වංචාවක් ,වෙනත් නීති විරෝධී කාරණයක් පදනම් වී නොමැති බවයි හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ.

එම නිසා ගම්මන්පිල අමාත්‍යවරයා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට මෙම විශ්වාසභංගෙ ඇති කරුණු බල නොපාන බවයි සිරිසේන මහතා අවධාරණය කරන්නේ.

එහෙම කාරණා ඉදිරිපත් කර තිබුණා නම් ඒ ගැන අවධානයක් යොමු කිරීමට හැකියාව තිබූ බවයි හිටපු ජනපතිවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ආණ්ඩුවේ දුර්වලතාවලට පහර දීම

මෙම විශ්වාසභංගය ජය ගැනීමට නොහැකි බව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය දන්නා බව පෙන්වා දෙන හිටපු ජනපතිවරයා ඒ හරහා ඔවුන් බලාපොරොත්තුවන දේශපාලන වාසියද සඳහන් කළා.

මෙම විශ්වාසභංගය හරහා විපක්ෂය රජයේ විවිධ ක්ෂේත්‍ර විවේචනය කිරීමට ඉඩකඩ හා කාලයක් ලබා ගෙන තිබෙන බවයි සිරිසේන මහතාගේ මතය වන්නේ.

ආණ්ඩුවට ඇති අවස්ථාව

ආණ්ඩු පක්ෂයක් හැටියට තමන් නියෝජනය කරන පාර්ශවයට ඔවුන් ඉදිරිපත් කරන චෝදනා වලට පිළිතුරු දීමටද අවස්ථාවක් ලැබී තිබෙන බවයි හිටපු ජනපතිවරයා අවධාරණය කරන්නේ.

හිටපු ජනපතිවරයා මේ වන විට වන විට පාර්ලිමේන්තුවේ විවාද වෙමින් පවතින විශ්වාසභංගය විග්‍රහ කරන්නේ මේ ආකාරයටයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 July 2021 14:47