May 02, 2024

හවසට ආණ්ඩුවට එන සජිත් පිලේ මන්ත්‍රීගේ නම ඇමති හෙළි කරයි

අද සවසට සමගි ජන බලවේග මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ආණ්ඩු පක්ෂය සමඟ එකතුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළිදරව් කරනවා.

අමාත්‍යවරයා මෙම හෙළිදරව් කළේ පාර්ලිමේන්තුවේදී.

දැන් වුණත් ගන්න පුළුවන්

අවශ්‍ය නම් දැන් වුණත් නෙල්සන් මන්ත්‍රීවරයාව ආණ්ඩුව පැත්තට එක දුරකථන ඇමතුමකින් ගත හැකි බවයි අමාත්‍යවරයා හෙළිදරව් කරන්නේ.

එහෙත් එක වෙලාවකට විපක්ෂය පැත්තෙත් තව වෙලාවකට ආණ්ඩුව පැත්තෙන් නෙල්සන් මන්ත්‍රීවරයා සිටින බවත් අමාත්‍යවරයා එළිදරව් කළා.

මන්ත්‍රීවරයා විරෝධය නොදැක්වීම

අලූත්ගමගේ අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේ නෙල්සන් මන්ත්‍රීවරයා හා සමගි ජන බලවේගය සෙසු මන්ත්‍රීවරුන් ඉදිරිපිටදී.

එහෙත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළේ නැහැ.

අලුත්ගමගේ අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේ කුඹුරු ගොවිතැන පිළිබඳව නෙල්සන් මන්ත්‍රීවරයා සමග ඇතිවූ වචන හුවමාරුවක් හේතු කොටගෙන.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 July 2021 23:14