May 02, 2024

රිෂාඩ්ට එරෙහිව සජිත් පිලේම දෙමළ පක්ෂ නැගිටියි

මේ වන විට අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදුදීන්ට මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ නියෝජනය කරන දෙමළ පක්ෂ තුළින්ම දැඩි විරෝධතාවයක් එල්ල වෙමින් තිබෙනවා.

ඒ ඔහුගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි ඉශාලිනි ජූඩ් කුමාර් නැමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරිය මිය යෑම හේතු කොටගෙන.

තරාතිරම නොබලා දඬුවම් දෙන්න

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ සේවයේ යෙදී සිටි එම දැරිවියගේ මරණයට හේතු වූ සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස බලකරමින් කඳුකරයේ දෙමළ පක්ෂ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හැටන් නගරයේ පැවැත්වූවා.

එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේගය සමගම සිටින කඳුරට ජනතා පෙරමුණ හා කඳුරට කම්කරු පෙරමුණ විසින්.

බාල වයස්කාර දරුවන්ගේ අයිතීන්

කාන්තාවන්ට එරෙහිව සිදු කරන සියලු හිංසන නතර කරන ලෙස බල කරමින් කළ මෙම විරෝධතාවයේදී බාලවයස්කාර දරුවන්ගෙන් වැඩ ගැනීම ළමා අයිතිවාසිකම් වලට එරෙහි වීමක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දී තිබෙන්නේ.

ඊට කදුරට ජනතා පෙරමුණ නියෝජනය කරන සමගි ජන බලවේගය නියෝජනය කරන රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාද සහභාගී වී තිබුණා.

රිෂාඩ් බදුදීන් හා රාධා ක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් දෙදෙනාම නියෝජනය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන  සමගි ජන බලවේගය.

මියගිය දැරිවියගේ බාල වයස්කාරියක්

මියගිය දැරිවිය හැටන් ප්‍රදේශයේ වතු නිවාසයක පදිංචිකාරියක් වන අතර ඇය සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට කටයුතු කළ බවටයි රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ පවුලේ උදවිය චෝදනා එල්ල කරන්නේ.

එහෙත් ඇය කලක පටන් ලිංගික අපයෝජනයට ලක්ව තිබෙන බව මරණ පරීක්ෂණයේදී ඔප්පු වී තිබෙනවා.

දැරිවිය රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ විකාර සේවයට ගෙනවිත් තිබෙන්නේ අවුරුදු 15 මාස 11ක බාල වයස්කාර දැරිවියක ලෙස බවයි පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 11:47