May 19, 2024

අද විශ්වාසභංගයේ දී පිල් මාරුවක්! පොහොට්ටු ප්‍රබලයා හෙළි කරයි

අද (20) දිනයේ දී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය සඳහා ඡන්දය විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (19) දිනයේ දී සමගි ජන බලවේගය විසින් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය සභාගත කරමින් විවාදය ආරම්භ කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද දිනයේ සිදුවීමට නියමිත පිල් මාරුවක් පිළිබඳව ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුවේදී හෙළි කර සිටියා.

එහිදී අමාත්‍යවරයා විසින් පවසා සිටියේ ඡන්දයක් විමසීමේදී ආණ්ඩු පක්ෂයට ඡන්ද 155ක් පැමිණිම සාමාන්‍ය දෙයක් බවයි.

නමුත් අද දිනයේ දී විශ්වාසභංගයට ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂයේ ඡන්ද 02ක් ද ආණ්ඩු පක්ෂයට එකතු වන බව අමාත්‍යවරයා හෙළි කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 12:25

Related items