ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට කැඳවීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේවන විට විශේෂ සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිළිබඳ සාකච්ඡා කිරීම ද මෙහි දී සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව මාධ්‍ය වෙත අදහස් පළ කර ඇති මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීම ද මෙම සාකච්ඡාවේ දී සිදුවනු ඇතැයි සඳහන්.
එමෙන්ම නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි සැළසුම් පිළිබඳව ද මන්ත්‍රී කණ්ඩායම මෙහි දී දැනුවත් කිරීමට නියමිත බව ද පැවසුණා.
මෙම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේ දී ආරම්භ වූයේ අද සවස 6.00ට පමණ යි.