April 28, 2024

“එන්න එපා ආයේ මේ පැත්තට” - දේවානිට ජනතාව හූ කියයි (VIDEO) Featured

මීගමුව ප්‍රදේශයේ පිහිටි නිකල්ස් මාකස් ක්‍රීඩාංගණයේ පෞද්ගලික ව්‍යාපාරිකයකු සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කර තිබුණා.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා මීගමුවේ කුට්ටිකාඩු ප්‍රදේශයට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද පැමිණ තිබුණේ ඊයේ (17) දිනයේ දී.

මෙම අවස්ථාව සඳහා ගම්පහ අඩවි වන නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියද පැමිණ සිටි අතර එහිදී ඇයට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී තිබුණා.

මෙලෙස විරෝධතාවය එල්ල කරමින් ප්‍රදේශවාසීන් විසින් පවසා තිබුණේ දේවානි ජයතිලක මහත්මිය විසින් නිකල්ස් මාකස් ක්‍රීඩාංගණයේ සංචාරක හෝටලයක් ඉදි කිරීමට සැරසෙන ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවයි.

ජනතා විරෝධතාවය හමුවේ දේවානි ජයතිලක මහත්මිය එම ස්ථානයෙන් ඉවත්ව යෑමට කටයුතු කළ අතර ඇය පසුපස ගිය ප්‍රදේශවාසීන් ඇයට විරෝධතාවය දක්වමින් “හූ” කියන්නටද කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේ දර්ශන පහතින්,

Rate this item
(2 votes)

Related items