May 20, 2024

විශ්වාසභංගය කට ලඟ තබාගෙන ගම්මන්පිල වෙන වැඩ වල

එළඹෙන සදුදා තමන් දරන බලශක්ති අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් විශ්වාසභංගයට මුහුණ දීමට නියමිත උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සූදානමින් සිටින්නේ.

එළැඹෙන අගෝස්තු මස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත නීතිගත කිරිමටයි අමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් සිටින්නේ.

පනතේ අරමුණ හා බලාපොරොත්තුව

එම පනතින් ශ්‍රී ලංකාව තුළ ඛනිජ සම්පත් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නෛතික රාමුව හඳුන්වාදීමට නියමිතයි.

ඒ හැරුණුකොට ශ්‍රී ලංකාව තුළ ඛණිජ තෙල් කර්මාන්තය ආරම්භ කරන සමාගමේ ආයෝජන සුරක්ෂිත වන අයුරින් ආයෝජකයන් දිරිමත් කිරීම සඳහාද අවශ්‍ය ප්‍රතිපාදන එම පනත් කෙටුම්පතට ඇතුළත්.

රට තෙල් හා ගෑස් නිෂ්පාදිත රටවල් අතරට

බලශක්ති අමාත්‍යවරයා ලෙස ගම්මන්පිල මහතාගේ ඉලක්කය වී තිබෙන්නේ ලබන මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකාව තෙල් හා ගෑස් නිපදවන රටවල් අතරට එක් කිරීමයි.

මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2025 වර්ෂයේ අග භාගයේදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 07:13