April 28, 2024

මට උදයට ද්‍රෝහී වන්න බැහැ - රනිල් තීන්දුවක

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට තිබෙන්නේ තවත් දින 3ක් පමණයි.

දෙදින විවාදයක් වන එය එළඹෙන 19 වෙනි සදුදා සහ ආරම්භ වීමට නියමිත අතර 20 වැනි අඟහරුවාදා ඡන්දය ගැනීමට නියමිතයි.

සමස්ත විපක්ෂයේම එකක් නොවීම

මේ විශ්වාසභංගය සමස්ත විපක්ෂයේම විශ්වාසභංගයක් නොව සමගි ජන බලවේගයේ විශ්වාසභංගයක් බවට මතයක් මේ වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබෙනවා.

එම විශ්වාසභංගයට ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ජාතික සන්ධානය අත්සන් තබා නැති බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අදාල විශ්වාසභංගය ගෙන ආ යුතුව තිබුණේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව බවයි සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එවන් අදහසක් ඉදිරිපත් කළද එම පක්ෂ දෙක තවමත් වික්‍රමසිංහ මහතාගේ එම අදහස පිළිබදව කිසිදු ප්‍රකාශයක් කොට නැහැ.

රනිල්ගේ තීන්දුව

එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම විශ්වාසභංගයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවයි.

තවමත් ඒ පිළිබඳව පක්ෂයක් ලෙස ඒකරාශි වී සාකච්ඡා කොට නොමැති බව පෙන්වා දෙන එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ එම තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම ගනු ඇති බවයි.

ඇමතිට ඇති කැමැත්ත

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට කැමැත්තක් දක්වන බවත් ඔහුට කිහිප විටක් එ.ජා.පය සමග එකතු වන ලෙස පක්ෂ නායකයා ආරාධනා කළ බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය ගෙන ආ දා පටන්ම එ.ජා.ප නායකයා ගම්මන්පිල අමාත්‍යවරයාව ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ඔහු දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශ වලින් තහවුරු වනවා.

Rate this item
(6 votes)
Last modified on Friday, 16 July 2021 18:43

Related items