May 12, 2024

එජාප මන්ත්‍රී පුටුවකුත් රැගෙන ප්‍රාදේශීය සභාව ඇතුළේ යකා නටලා

වත්තල-මාබෝල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු අද (15) දිනයේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ ප්‍රදේශීය සභාවේ දේපළවලට හානි කිරීම සහ නගර සභාවේ ලේකම්තුමියගේ සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මතයි.

වත්තල-මාබෝල ලේකම් ගීතානි දිල්රුක්ෂි ලොකුවැල්ල මහත්මිය විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකමි ජයන්ති විජේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සූම් (Zoom) හරහා පැවැති ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගීව සිට තිබෙනවා.

එහිදී සැකකාර මන්ත්‍රීවරයා විසින් තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ එම පුද්ගලයාගේ වරිපනම් බදු සම්බන්ධ සිදුවීමක් පිළිබඳව කතා කළ යුතුයැයි ලේකම්වරියට පවසා තිබෙනවා.

ඒ අවස්ථාවේ ලේකම්තුමිය පවසා තිබුණේ තමන් වැදගත් රාජකාරිය නිරතව සිටින බවත් මොහොතක් රැඳී සිටින ලෙසයි. 

එම ප්‍රකාශයෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අධික කෝපයට පත්ව ආවේගශීලිව හැසිරෙන්නට පටන් ගෙන ඇති බවත් පුටුවකුත් රැගෙන පහර දීමටත් උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මැදිහත් වී තමන්ව තමන්ව බේරාගත් බවද ලේකම්වරිය පවසා තිබුණා.

මන්ත්‍රීවරයා විසින් නගර සභාවට අයත් රුපියල් දෙලක්ෂ හත්තෑ හයදහසක් (276,000ක) වටිනා දේපළවලට හානි සිදුකර තිබූ බවත් ලේකම්වරිය පවසා තිබුණු අතර ඇයගේ පැමිණිල්ලක් මත අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 July 2021 14:36