April 28, 2024

ගම්මන්පිල බේරාගන්න යයි - රනිල්ට විශේෂ දැනුම්දීමක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව වෙනස් කළ යුතු බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක් කර තිබෙනවා. 

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව සමස්ත පොදුජන පෙරමුණු රජයට එරෙහි විශ්වාසභංගයක් ලෙස පරිවර්තනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (15) දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

තනි පුද්ගලයන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒමෙන් ක්‍රියාත්මක වන්නේ විපක්ෂයේ න්‍යාය පත්‍රය නොව ආණ්ඩුවේ පාර්ශව එකතු කිරීමේ ක්‍රියා ක්‍රියාපටිපාටියක් පමණක් බවද පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ය.

Rate this item
(1 Vote)

Related items