April 28, 2024

ලබන වසරේ රටට වෙන දෙයක් ගැන රනිල්ගෙන් අනාවැකියක්

ලබන වසරේ මැද වන විට රටට සිදුවන දෙයක් ගැන හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.

විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා නොකලොත් ලබන වසරේ මැද වන විට රටේ බඩගින්න මෙන්ම විරැකියාව වැඩිවීම වළක්වා ගන්නට නොහැකි වනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (14) ප්‍රකාශ කර තිබෙනවා.

මූල්‍ය අරමුදලෙන් පිනට ලැබුණ ඩොලර් කෝටි 80 ක මුදල අර්බුදයෙන් මිදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මහ බැංකුව සහ භාණ්ඩාගාරය ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යටත්ව හෙයින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට තමා ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළා.

වර්තමානයේ පැන නැගී ඇති විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(1 Vote)