May 05, 2024

ශ්‍රීලනිපය තීන්දුවට සූදානම්! ජනපති හමුවෙන් පසු අවසන් සාකච්ඡාව බැසිල් එක්ක

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාව ද හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් පක්ෂයේ මහ ලේකම්, බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවට ඊයේ පෙරේදා පැමිණි පොඩි ළමයි තමා සම්බන්ධයෙන් කරන යම් යම් ප්‍රකාශ ගණන් නොගන්නා බව කී ජයසේකර මහතා තමා ඒවාට උත්තර දෙන්නේ නැතැයි ද ප්‍රකාශ කරනවා.

Rate this item
(4 votes)
Last modified on Thursday, 15 July 2021 00:38

Related items