May 05, 2024

ගම්මන්පිලට පසු දයාසිරිට ප්‍රහාරයක් - පොහොට්ටු ලේකම් යළි කරළියට

මේවන විට දේශපාලන කරළියේ දැඩි අවධානයට පාත්‍ර වී ඇති දයාසිරි ජයසේකර මහතා පිළිබඳව පසුගිය කාලයේ දැඩි අවධානයට පාත්‍ර වූ පුද්ගලයෙකුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා අදහස් පළ කළා.

ඒ අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

සිය ප්‍රකාශ හරහා ජයසේකර මහතා තමාවම හෑල්ලුවට ලක් කරගන්නා බව යි පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

තමන් දරන්නේ “විහිළු ඇමතිකමක්” බව දැන දැනම මාස 08ක් තිස්සේ “විහිළු ඇමතිකමක්” දැරූ බවට ජයසේකර අමාත්‍යවරයා පැවසීම තුළින්ම ඔහු “විහිළුකාරයෙකු” බව සනාථවන බව ද කාරියවසම් මහතා පවසා සිටියා.

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරන දෑ ඔහුගේ පුද්ගලික මතය යැයි තමා සිතන බව ද පොදුජන පෙරමුණු ප්‍රධාන ලේකම්වරයා පවසනවා.

එම අදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවන බවට සිය පෙරමුණ විශ්වාස කරන බවයි සාගර කාරියවසම් මහතා අවධාරණය කළේ.

මේ අතර සිය අමාත්‍යධූරයෙන් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කළා.

 

එය සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට ද දැනුම් දීමට ද කටයුතු කළ බව යි ඔහු අනාවරණය කළේ.

 

සිය අමාත්‍යධූරය භාර ගැනීමට කැමති අයෙකු සිටින්නේ නම් ඉදිරිපත්වන ලෙස ඔහු එහි දී සඳහන් කළ බව ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.

 

මෙම අමාත්‍යධූරවල සදාකල් රැඳී සිටීමේ බලාපොරාත්තුවක් නොමැති බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 July 2021 22:34

Related items