May 18, 2024

“මේවා වහාම නිවැරැදි කරන්න” - ඇමති ලන්සා ආණ්ඩුවට විරුද්ධ වෙයි

පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ පැවැති උද්ඝෝෂණයේ දී විරෝධතාකරුවන් රැගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් සිය විරෝධය පළ කර තිබුණා.

නිරෝධායන නීති පනවා තිබියදී උද්ඝෝෂණය කිරීම වැරැදි බවත් එමෙන්ම එම උද්ඝෝෂණය කළ පිරිස රැගෙන ගිය ආකාරයත් වැරැදි බව අමාත්‍යවරයා පවසා සිටියා.

විරෝධතාකරුවන් රැගෙන ගිය ආකාරය පිළිබඳව කිසිව අවස්ථාවක තමන් සෑහීමකට පත් නොවන බව පැවසූ නිමල් ලන්සා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “ ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම අරගෙන යන්න බැහැ.. එහෙම කුදලගෙන යන්න බැහැ..එගොල්ලොන්ට අවශ්‍ය ඇඳුම් ටික දෙන්න ඕන..ඒගොල්ලොන්ට අවශ්‍ය තැනක ඒක දෙන්න ඕන” යනුවෙනි.

තමන් ආණ්ඩුව නියෝජනය කළත් එම පිරිස රැගෙන ගිය ආකාරය වැරැදි බව සඳහන් කළ යුතු බවත්, තමන් එය නිවැරැදි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Rate this item
(5 votes)
Last modified on Tuesday, 13 July 2021 11:32