May 13, 2024

එයා මගේ මට්ටමට නැහැ: ඇමතිගේ අභියෝගයට පොහොට්ටු ලේකම්ගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ අභියෝගයකට මාසයකට පමණ පසු පිළිතුරක් ලබාදී තිබෙනවා.

ඒ තමන් සමග විවාදයකට එන ලෙස කාරියවසම් මහතාට මීට මාසයකට පමණ පෙර ගම්මන්පිල අමාත්‍යවරයා කළ අභියෝගයටයි.

මගේ මට්ටමට එයා නැහැ

තමා විවාද කරන්නේ තමන්ට විවාද කිරීමට සුදුසු මට්ටමේ පුද්ගලයෙකු සමඟ පමණක් බවයි කාරියවසම් මහතා ගම්මන්පිල මහතාට දැනුම් දෙන්නේ.

ඉන් හැඟී යන්නේ අමාත්‍යවරයෙකු වූවද වෘත්තියෙන් නීතිඥයකු වුවද ගම්මන්පිල මහතා තමන් සමග විවාදයකට සුදුසු නැති පුද්ගලයකු ලෙස පොදුජන පෙරමුණ ලේකම්වරයා විශ්වාස කරන බවයි.

පොදු ජන පෙරමුණ මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ එක්තරා පෞද්ගලික රූපවාහිනී සේවාවක වැඩසටහනකට එක්වෙමින්.

තෙල් මිල වැඩි කිරීමේ අර්බුදය

අදටත් තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් එදා දරුූදය ස්ථාවරය තමන් දරන බව සදහන් කරන කාරියවසම් මහතා තෙල් මිල ගණන් ඉහළ දැමීම ගම්මන්පිල අමාත්‍යවරයාගේ අවශ්‍යතාවයකට අනුව සිදු වූ බව ඊට හේතුව ලෙසයි දක්වන්නෙ.

ජනතාව අසීරුවෙන් ජීවත් වෙන මේ අවස්ථාවේ තෙල් මිල ඉහළ දැමීම වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්දැයි යන සැකයක් මතුවන බැවින් එහි වගකීම ගෙන බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදු ජන පෙරමුණේ ලේකම්වරයා ගම්මන්පිල අමාත්‍යවරයාට කළ ලිඛිත දැනුම් දීම හේතුකොටගෙනයි කාරියවසම් මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුන හා ගම්මන්පිල මහතා අර්බූදයක් නිර්මාණය වුනේ.

ප්‍රධාන ලේකම් පිටුපස බැසිල්

පොදුජන පෙරමුණ ලේකම්වරයා ගම්මන්පිල අමාත්‍යවරයා සමග පමණක් නොව ඊට පෙර වීරවංශ අමාත්‍යවරයා සමඟද ප්‍රසිද්ධියේ ගැටුමක් ඇති කර ගත්තා.

පොදු ජන පෙරමුණ ලේකම්වරයාගේ මෙම ගැටුම් ඇති කර ගැනීම පිටුපස සිටින්නේ  බැසිල් රාජපක්ෂ මහතා බවටයි විශ්වාස කෙරෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 July 2021 06:50

Related items