May 02, 2024

ජොනිට මල පැනලා: සජිත් සමග ලොක්කා ඉදිරියේම කුණුහරුපයෙන් බැනගෙන

ඉකුත් බදාදා දින පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් අසභ්‍ය වචනයෙන් බැනගෙන තිබෙන බැව් දැනගන්නට තිබෙනවා.

හේතුව අවකැපෙන කතාවක්

ඊට හේතුවී තිබෙන්නේ විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අව කැපෙන කතාවක් කීමයි.

එදින අග්‍රාමාත්‍යවරයා සභා ගැබට පැමිණ විනාඩි 10ක් ගත වීමටත් මත්තෙන් කතානායකවරයා සභාව දිවා ආහාරය සඳහා කල් තැබීමත් සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලොහාන් රත්වත්තේ යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා සමඟ කතා බසක නියැලී සිට තිබෙනවා.

එහිදී විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සිටී දෙපළ අමතා සඳහන් කොට තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා බොහොම අමාරුවෙන් ආ විගස සභාව කල් තැබූ බවයි.

දෙදෙනාම අසභ්‍ය වචනයෙන් බැන ගැනීම

අග්‍රාමාත්‍යවරයා ඉලක්කකොට විපක්ෂ නායකවරයා කළ එම ප්‍රකාශයෙන් කිපුණු ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ඊට විරෝධය පල කරමින් අදහස් දක්වා ඇති අතර අවසානයේ එය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ විපක්ෂ නායක හා අමාත්‍යවරයා කුණුහරපයෙන් බැන ගැනීම දක්වා දුරදිග ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන් අනතුරුව ඊට මැදිහත් ව තිබෙන අග්‍රාමාත්‍යවරයා දෙදෙනා අතර කුණුහරුපෙන් බැන ගැනීම නතර කර දිවා ආහාරය සඳහා පිටත්ව ගොස් තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 July 2021 17:15