April 28, 2024

තනිකම මකා ගන්න රනිල්ට තනි කාමරයක්

පාර්ලිමේන්තුවේ තනි ආසනයක් හිමි පක්ෂවලට කාමරයක් ලබා නොදීමේ සම්ප්‍රදායක් තිබුණද එය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කඩකර තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.

දස මසකට පසු දිවුරුම් දීම

මාස 10ක පමණ කාලයක් කිසිවකු එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් නොදුන් අතර ඉකුත් ජූනි 23 වැනි දින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයේ දිවුරුම් දුන්නා.

එසේ දිවුරුම් දුන් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු සම්ප්‍රදායද කඩකරමින් තනි කාමරයක් ලබාදී තිබෙන්නේ හිටපු අගමැතිවරයෙකු ලෙස සලකා බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබෙන්නේ.

තවමත් කාමරයේ විවෘත කර නැහැ

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් මෙම කාමරයට ගොස් නැති බවත් වාර්තා වනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා තුන්වැනි මහලේ කාමරයක් ලබාදෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 07:16