April 28, 2024

ශ්‍රීලනිප රැස්වීමෙන් ඇමති අමරවීර අතරමඟදී පැනලා ගියේ ඇයි?

මීට ටික දිනකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දේශපාලන මණ්ඩල රැස්වීම නිමා වීමටත් ප්‍රථම මහින්ද අමරවීර අමාත්‍යවරයා රැස්වීමෙන් ඉවත්ව යාමට බලපෑ හේතුව හෙළිදරව් වී තිබෙනවා.

රැස්වීම පැවැත්වුණේ හිටපු ජනපතිගේ නිල නිවසේදී.

අමරවීරට යන්න වුනේ ඇයි

ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨ උප උප සභාපතිවරයකුද වන අමරවීර අමාත්‍යවරයා රැස්වීම නිමාවීමට පෙර එම ස්ථානයෙන් පිටව යද්දී ඊට හේතුව කුමක්දැයි මාධ්‍ය විමසුවද ඊට පිළිතුරු නොදීම පිටව ගියා.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ එදින රැස්වීම සඳහා න්‍යාය පත්‍රයක් ඉදිරිපත් වී නොතිබුන බවයි.

මහින්ද අමරවීර මහතා ශ්‍රී.ල.නී.පය මුල්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාද වනවා.

පක්ෂ ලේකම්ද නැහැ

පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද එම රැස්වීමට සහභාගි නොවීම හේතුවෙන් අදාල රැස්වීම සඳහා න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කිරීමට නොහැකිව තිබෙනවා.

මේ නිසා කතා කළ යුතු මාතෘකා පිළිබඳ පැහැදිලි අදහසක් නොමැති නිසා රැස්වීම නිමාවීමට පෙර අමරවීර අමාත්‍යවරයා පිටව ගිය අතර ඉන්පසු එළියට පැමිණි ශාන් විජේලාල් ද සිල්වා හා සුරේෂ් රාගවන් යන මන්ත්‍රීවරුන්ද රැස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කිසිවක් ප්‍රකාශ නොකොටම පිටත්ව ගියේ ඒ පිළිබඳව පිටුපසින් පැමිණෙන අයගෙන් අසා දැන ගන්නා ලෙස දන්වමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 July 2021 06:18