May 13, 2024

ඉදිරි දින කිහිපයේ බැසිල් කරන්න යන දේ ගැන පොහොට්ටු ලේකම් හරියටම කියයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අනිද්දා (08) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව අනාවරණය කර සිටියා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (06) දින සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුණු අතර ඉන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාව නම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙනවා.

සාගර කාරියවසම් මහතා ඉහත අදහස් පළ කළේ බැසිල් රාජපක්ෂ මහතා නම් කරන ලෙසට ඉල්ලීම් කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දී යි.

සිය පෙරමුණෙහි නිර්මාතෘවරයා පාර්ලිමේන්තුවට යන බවත්, ඉන් අනතුරුව ඉතාමත් වගකිවයුතු ඇමති දූරයක් භාරගන්නා බවත් ඔහු ප්‍රකාශ කළා.

ඒ හරහා රටෙහි ආර්ථිකය නැංවීම වෙනුවෙන් ඔහු විශාල කාර්යභාරයක් සිදු කිරීමට සූදානම්වන බව යි කාරියවසම් මහතා සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 July 2021 18:37