April 28, 2024

ටයි කෝට් ඇන්ඳට ඔබ අධ්‍යාපනයට කළ සේවය විශිෂ්ටයි - රාජ්‍ය ඇමති රනිල්ට කෙලින්ම කියයි

හැමදාමත් ටයි කෝට් ඇන්ඳට රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටිද්දී මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙන බව සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ජාතික අධ්‍යාපන ආයතනය

1985දී ජාතික අධ්‍යාපන ආයතනය ජයිකා ආධාර යටතේ විශ්ව විද්‍යාලයක මට්ටමට පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා එය තව දුරටත් ඉදිරියට ගෙන ගොස් විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කරන බව සඳහන් කළා.

විද්‍යා පීඨ

එදා රනිල් වික්‍රමසිංහ මහතා කළ අධ්‍යාපන පාසල් ආරම්භ කිරීම පසුව විද්‍යාපීඨ බවට පරිවර්තනය වූ බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා අද එය විද්‍යාපීඨ 19 ක් බවට පරිවර්තනය වී තිබෙන බවයි සඳහන් කරන්නේ.

එමඟින් ප්‍රවීණ වෘත්තීයවේදී ගුරුවරුන් බිහිවූ බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා එම විද්‍යාපීඨ ද විශ්වවිද්‍යාල බවට පත් කිරීමට කටයුතු කරන බවයි හෙළිදරව් කරන්නේ.

එනිසා කවුරුන් හෝ රටට , ක්ෂේත්‍රයට සේවයක් කලා කළා නම් එය ඉදිරියටත් වැඩිදියුණු කර පවත්වාගෙන යෑම පවතින රජයේ වගකීම හා යුතුකම බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

රනිලුත් සභාවේ

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා කරුණු එළිදරව් කරද්දි රනිල් වික්‍රමසිංහ මහතාද ඊට සවන් දෙමින් සභාවේ සිටියා.

සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා ගැන මේ අදහස් පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය කඩාවැටීම සම්බන්ධයෙන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරවාරයේ වීමත් විශේෂත්වයක්.

Rate this item
(6 votes)
Last modified on Tuesday, 06 July 2021 16:21