May 14, 2024

රැවුල ද? කැඳ ද? පොහොට්ටු ලේකම් දෙලොවක් අතර!

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා අද (05) අදහස් පළ කළා.

ඒ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර යි.

විශ්වාසභංගයට ඡන්දය පළ කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව යි ඔහු පවසන්නේ.

එහෙත් අනුවන ලෙස විපක්ෂයේ උගුල්වලට හසු වීමට ද තම පක්ෂය සූදානම් නොමැති බව ඔහු සඳහන් කළා.

සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාවට සහන සැළසීම සහ රජය අපහසුතාවට පත් කිරීම යනු එකක් නොව දෙකක් බව යි.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා පිළිබඳව පක්ෂය මීට පෙර දැරූ අදහසෙහි කිසිදු වෙනසක් නොමැති බව ද ඔහු අවධාරණය කළා.

පක්ෂයක් ලෙස තමන් පෙර ස්ථාවරයේ සිටින්නේ ජනතාව වෙනුවෙන් මිස විපක්ෂය ශක්තිමත් කිරීමට නොවන බව ද ඔහු ප්‍රකාශ කොට සිටියා.

එම අවස්ථාවේ දී තමන් ප්‍රකාශ කළේ ගම් මට්ටමේ පාක්ෂිකයින්ගේ මතය බව ද ඔහු පෙන්වා දෙනවා.

විශ්වාසභංගය පිළිබඳ තීරණය ගන්නේ පොදුජන පෙරමුණේ නායකයින් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් එක් වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ද ඔහු පැවසුවා.



Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 21:07

Related items