May 19, 2024

"අපිට දිනන්න බෑනේ" - අනාගත පරාජය ගැන සජිත් ලඟම ඉන්න කෙනෙකුට කට වරදියි

දිනන්න පුලුවන්ද?

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට තමන්ට කිසිසේත් නොහැකි බව සමගි ජන බලවේගය පවසනවා.

මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ පක්ෂය විසින්ම එලෙස අදහස් පළ කිරීම විශේෂත්වයක්.

අද පෙරවරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එයට සහභාගී වී පැමිණි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියා.

කලින්ම භාරගත් පරාජය

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ විශ්වාසභංගය ජය ගැනීමට හැකිවෙතැයි සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ ද යන්නයි.

සැවොම පුදුමයට පත් කරවමින් කිරිඇල්ල මහතා පිළිතුරු ලබා දුන්නේ “නෑ.. නෑ.. අපට ජයග්‍රහණය කරන්න බෑනේ” යනුවෙන්.

එවිට මාධ්‍යවේදීන් පෙරළා ප්‍රශ්ණ කළේ දිනන්නට බැරි විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ මන්දැයි යනුවෙන්.

එවිට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිතුරු ලබා දුන්නේ “අපිට බහුතරයක් නෑනේ” ලෙසට යි.

විශ්වාසභංගෙට දින තීන්දුයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය වී ඇත්තේ ලබන 19 සහ 28 දෙදින තුළ යි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පැවැති රැස්වීමේදී පක්ෂ නායකයින් මෙම තීරණයට එළඹුණා.

සමගි ජන බලවේග මන්ත්‍රීවරු 43 දෙනෙකුගේ අත්සන් සහිතව අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත පහර දුන්නේ පසුගිය මස 22 දා යි. 

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 20:33

Related items