May 12, 2024

දුන්න මන්ත්‍රීකම මුල්කරගෙන එජාපයේ මත ගැටුමක් - සල්ලි කතාවකුත් එලියට

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත්වී සමගි ජන බලවේගය සමග සිටී මන්ත්‍රීවරුන්ට සමාව ලබාදී යළි එම මන්ත්‍රී ධුර ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මත ගැටුමක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම මන්ත්‍රීවරුන් දැනට මන්ත්‍රී ධූරය දරන පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් වීමෙන් පසු යළිත් සමගි ජන බලවේගය සමග එක් වන බැවින් ඔවුන්ට සමාව දී මන්ත්‍රී ධුර ලබා දීම අනුවණ තීන්දුවක් බවයි ඊට විරෝධය දක්වන්නන්ගේ මතය වී තිබෙන්නේ.

ආසන සංවිධායකවරුන්ගේ විරෝධය

එ.ජා.ප යේ ඇතැම් ආසන සංවිධායකවරුන් සිය ආසනය තුල සිටින සමගි ජන බලවේගය සිට යළි පැමිණි පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළි මන්ත්‍රී ධුරය ලබාදීම නිර්දේශ කිරීම ප්‍රතික්ෂේප කොට තිබෙන බවයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම සංවිධායකවරුන් ඒ පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාවත් දැනුවත් කර තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

මන්ත්‍රී ධූරය යළි ලබා දුන්නේ මුදලට

එ.ජා.ප යේ ඇතැම් නිලධාරීන් සහ ආසන සංවිධායකවරුන් සමගි ජන බලවේගයට ගිය මෙම මන්ත්‍රීවරුන්ට යළි මන්ත්‍රීධූරය ලබාදුන්නේ මුදලට බවට එම පිළිවෙත අනුගමනය නොකරන එ.ජා.ප ය තුළම සිටින පිරිස් චෝදනාවක්ද කරනවා.

මෙසේ යළි එ.ජා.ප යට ගොස් යළි මන්ත්‍රී ධුර ලබා ගත් පිරිසට එසේ කරන ලෙසත් මන්ත්‍රී ධූර කාලය නිමා වූ විට යලි තමන් හා එක් වන ලෙසට සමගි ජන බලවේගයේ ප්‍රධානින් උපදෙස් දුන් බවත් දැනගන්නට තිබෙනවා.

යළි මන්ත්‍රී කම ලැබුණු සංඛ්‍යාව

සමගි ජන බලවේගය ට ගොස් යළි එ.ජා.ප යට පැමිණි පළාත් පාලන මන්ත්‍රීවරුන් 60 කට මෙසේ යළි මන්ත්‍රීධූර ලබාදී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 04 July 2021 17:37