May 02, 2024

පොහොට්ටුවේ අර්බුද හදන්නේ,පොරොන්දු කඩන්නේ බැසිල් : හිටපු ශ්‍රීලනිප ලොක්කගෙන් චෝදනා පත්‍රයක්

පොදුජන පෙරමුණ තුළ අර්බුද ඇති කිරීමට මැදිහත් වූ පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා චෝදනා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන සභාපති වරයා මෙන්ම හිටපු මහ ලේකම්වරයාද වන මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළකරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ශ්‍රී.ල.නි.ප යට දුන් පොරොන්දු කඩ කිරීම

වත්මන් ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොරොන්දු වූ පරිදි ලැබිය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර , ඇමතිධුර හා නිලතල නොදීමට කටයුතු කළේ බැසිල් රාජපක්ෂ මහතා බවයි මහාචාර්යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ශ්‍රී.ල.නි.ප යට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් පොරොන්දු වූ බවත් පළමුවැන්නට තිබුණේ තමාගේ නම බව පෙන්වා දෙන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී.ල.නි.පයේ කිසිදු විමසීමකින් තොරව සිය හිතුමනාපෙට දෙවැනි නම ලෙස තිබූ සුරේෂ් රාගවන් මහතාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කළ බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

පුරප්පාඩු තිබියදීත් අවස්ථාව නොදීම

ශ්‍රී.ල.නි.ප යට කැබිනට් මණ්ඩල අමාත්‍යධූර තුනක් පොරොන්දු වූ බවත් එහෙත් ලබා දුන්නේ අමාත්‍යධූර දෙකක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණේ තරඟ කොට ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් 127 දෙනා අතර ශ්‍රී.ල.නිප යේ 16 දෙනකු සිටින බවයි සඳහන් කරන්නේ.

කැබිනට් මණ්ඩලය තුළ මේ වන විටත් පුරප්පාඩු තුනක් තිබුණද ඒ අතරින් එකක් ශ්‍රී.ල.නි.ප යට ලබාදීමට හොදාකාරවම හැකියාව තිබුණද ඒ සියල්ලම වළක්වන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා බවයි මහාචාර්යවරයා හෙළිදරව් කරන්නේ.

ශ්‍රී.ල.නි.පය කොන් කිරීමේ මූලිකයා

ශ්‍රී.ල.නි.ප යේද පූර්ණ සහය ඇතිව ජනපතිවරණය හා මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී.ල.නි.ප ය කොන් කිරීමේ වැඩ පිළිබඳ ආරම්භ කළේ බැසිල් රාජපක්ෂ මහතා බවටත් මහාචාර්යවරයා චෝදනා කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 03 July 2021 14:41