May 12, 2024

රනිල් බලය අල්ලයි - පොහොට්ටුවට පසු වැඩිම මන්ත්‍රී ධූර එජාපයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව මේ වන විට වැඩිම මන්ත්‍රී පිරිසක් නියෝජනය කිරීමේ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබෙනවා.

ඒ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීධූර සංඛ්‍යාව අනුව මෙම අවස්ථාන එජාපයට හිමිව තිබෙනවා.

මේ වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල දෙවැනි ස්ථානයට මන්ත්‍රීධුර හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බවයි පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ.

පළාත් පාලන මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයට තිබූ බලය අඩු වී ගියද මෙි වන විට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1500 කට ආසන්න ගණනක් නැවත එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළා.

පැවැති මැතිවරණවලදී සමගි ජන බලවේගයට සහය දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරියේදී යළිත් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතව සිටින බවයි රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ.

තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට සුදුස්සන් නම් කිරීමේ කටයුතු ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.

Rate this item
(13 votes)
Last modified on Thursday, 01 July 2021 15:42

Related items