May 11, 2024

මන්ත්‍රී පිරිසක් සජිත් හැර යයි

සමගි ජන බලවේගයට සහය දැක්වූ මන්ත්‍රී පිරිසක් යළි එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයට සහය දැක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක පළාත් පාලන මන්ත්‍රීවරුන් 31දෙනකු ඊයේ (30) නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 14 දෙනකු ද, දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු සහ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දස දෙනකු මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවයි එජාප මහලේකම්වරයා සඳහන් කළේ.

මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක් වූ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සමඟ රන්දෙණිය හිරිවඩුන්නේ දී ඊයේ මාධ්‍ය හමුවක් ද පවත්වා තිබෙනවා.

සමගි ජන බලවේගයට සහය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 12 දෙනෙක් පෙරේදා (29) එක්සත් ජාතික පක්ෂයට එක්වූ අතර ගම්පොළ නගර සභාවේ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් මීට දෙසතියකට පමණ පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වුණා.

Rate this item
(3 votes)