May 20, 2024

බැසිල් ආවොත් කරන දේ ගැන වෙල්ගම අනාවැකි කියයි

බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තු පැමිණිම පිළිබඳව මේ වනවිට පක්ෂ විපක්ෂ දේශපාලන තුළ මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණියත් සෞභාග්‍යමත් රටක් නිර්මාණය කළ නොහැකි බවයි, එහිදී කුමාර වෙල්ගම මහතා විමසා සිටියේ “බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ විශ්මකර්මද?” යනුවෙනි.

බැසිල් රාජපක්ෂ මීට පෙර 2010 - 15 ආණ්ඩුවේ හිටිය බවත්, එම ආණ්ඩුවේ මුදල් හා ආර්ථිකය පිළිබඳව අමාත්‍යවරයා ලෙස සිටිය බවද පැවසූ වෙල්ගම මහතා සඳහන් කර සිටියේ ඒ ආණ්ඩුව ඒත් පරාද වූ බවයි.

මෙම ආණ්ඩුව පැමිණිය පසුවත් බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවත් එම සභාපති ධූරයේ සිට මෙච්චර කල් කුමක්ද කළේ යනුවෙන්ද මන්ත්‍රිවරයා විසින් විමසා සිටියා.

අද මෙවැනි තත්ත්වයක් උදා වී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා සිටින සමය තුළදී බවත්
දැන් කොහොමද ඉස්සරහට කරන්නේ යනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසා සිටියා.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණියහොත් රටේ තිබෙන දේපළවලින් එකක් දෙකක් විකිණී යනු ඇති බවයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (30) දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 July 2021 07:17