April 28, 2024

එහෙම සංශෝධනයක් ගැන අපිට කියලා නැහැ - ශ්‍රී.ල.නි.ප

කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් දැනුම්දීමක් කර නැහැ.

මේ බැව් තහවුරු කරන්නේ එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි.

එහෙම එකක් වෙනවානම් අපට කියයි

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා , අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී.ල.නි.පය දැනුවත් කරනු ඇති බවයි මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඉතා නුදුරේම බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් පසු අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඊට සමගාමීව කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට යන රාවය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනුයි මහ ලේකම්වරයා ඒ බැව් තහවුරු කළේ.

හිටපු ජනපතිගෙන් දැනටමත් ප්‍රතිචාර

කැබිනට් මණ්ඩල සංශෝධනයේදී හිටපු ජනපති , ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද අමාත්‍ය ධුරයක් හිමිවන බවට රාවයක් පැතිර ගිය අතර ඊට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා සඳහන් කළේ තමන් කිසිදු අමාත්‍ය ධුරයක් බාර නොගෙන සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි.

පොහොට්ටු සංධානයේ දෙවෙනි ලොකුම පක්ෂය

ශ්‍රී.ල.නි.ප ය පොදුජන පෙරමුණ සන්ධානයෙ පොදුජන පෙරමුණ පක්ෂයට පසු සිටින ප්‍රධානතම පාර්ශවය වන අතර මේ වන විට එම පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුර දෙකක්ද හිමිව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 June 2021 16:56