May 12, 2024

පිල් මාරුවක්! මන්ත්‍රීවරු 12ක් පක්ෂ ලේකම් එක්ක මාධ්‍ය හමුවක

මේ දිනවල පළාත් පාලන මන්ත්‍රීවරුන් පිල් මාරු කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජනබලවේගයට ගිය පාළත් පාලන මන්ත්‍රීවරුන් නැවත එජාපයට පැමිණීමත් සමඟයි.

සමගි ජන බලවේගයට සහාය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු ඊයේ (29)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වී තිබෙනවා.

එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූවේ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු සිටි බවත් එයින් දොළොස් දෙනකුම නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවත්ය.

එලෙස එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සමඟ ගෙලිඔය දී මාධ්‍ය හමුව ද ඊයේ (29)පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් පැවසූයේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් වන තමන්ට අලියා ලකුණ හෝ පක්ෂය හෝ අමතක කරන්නට කිසිදිනක නොහැකි බවය.

ඉදිරි කාලයේ සියලු වැරදි අඩුපාඩු හදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවද එජාපයට එක් වූ මන්ත්‍රීවරු එහිදී පවසනවා.

පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීමට සිදු වුයේ ආසන සංවිධායකවරයාගේ තීරණය නිසා බව ද මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය.

Rate this item
(2 votes)