May 12, 2024

රනිල් මන්ත්‍රී කළ සභාපතිගේ ඉව පක්ෂ නායකකමට

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වය ලබා ගැනීම සඳහා පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

රනිල් මන්ත්‍රී කරන්න මුල් වීම

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් හිමි වූ පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාව පත් කිරීම පිටුපස විශාලතම කාර්යභාරය ඉටු කළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ වජිර අබේවර්ධන මහතාය.

මහ මැතිවරණයෙන් පැරදුනු කිසිදු අපේක්ෂකයකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා නොදෙන බවට එ.ජා.ප නායකයාම හඳුන්වා දුන් ප්‍රතිපත්තිය කඩ කොට වික්‍රමසිංහ මහතාව මන්ත්‍රීධූරය සඳහා පත් කිරීමට පක්ෂය තුළ මතවාදයක් ගොඩ නගා තිබෙන්නේද අභයවර්ධන මහතායි.

අගමැතිගෙත් ඉතා කිට්ටු හිතවතා

අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටු විශ්වාසවන්තයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුට මීළඟ එ.ජා.ප නායකයා වීම සඳහා රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයද ලැබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව ඊළඟ එ.ජා.ප නායකත්වය සඳහා නියෝජ නායක රුවන් විජේවර්ධන මහතාව පත්කිරීම වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවයි.

වික්‍රමසිංහ මහතා විජේවර්ධන මහතාව නියෝජ නායකයා බවට පත් කර ගත්තෙත් ඔහුව පක්ෂ නායකත්වයට ගෙන ඒමේ සැලසුමේ කොටසක් ලෙසයි.

අභියෝගයය නියෝජ්‍ය නායකයා පමණයි

එහෙත් නව පක්ෂ නායකයෙකු පත් කරන අවස්ථාවේ ඒ සඳහා ඉදිරිපත්වීමට වජිර අබේවර්ධන මහතා සූදානමින් සිටින බව පක්ෂ අභ්‍යන්තරයේ බොහෝ පිරිසක් දන්නා කරුණක්.

ඒ සදහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට පක්ෂ සභාපතිවරයා ලෙස අබේවර්ධන මහතා මේ දිනවල කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටී රවි කරුණානායක හා නවීන් දිසානායක යන මහත්වරුන්ද සක්‍රීයව එ.ජා.ප දේශපාලන කටයුතු වල නියැළෙන්නේ නැති වීම අබේවර්ධන මහතාට ඉතා වාසිදායක පසුබිමක් නිර්මාණය වීමට හේතුවී තිබෙනවා.

මේ නිසා ඔහුට එ.ජා.ප නායකයා වීම සඳහා දැන් තිබෙන්නේ එකම එක අභියෝගයක් වන අතර ඒ රුවන් විජේවර්ධන මහතාය.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 June 2021 14:23