May 11, 2024

ආණ්ඩු පෙරළියට සූදානම්! රනිල් - සජිත් එක පිලකට

හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමත් සමඟ දේශපාලන කරළියේ විවිධ කතා පැතිරෙමින් තිබුණා.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරු පිරිසක් සමඟ එක්ව විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන බවට ආරංචි පැතිර ගොස් තිබුණා. නමුත් වික්‍රමසිංහ මහතා මැතිසබේ දිවුරුම් දුන් අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙන් සුබ පැතුම් ගලා ආ බවත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සුබ පැතුම් එක්කර තිබූ බවත් වාර්තා වනවා.

මේ අතර සමගි ජනබලවේගයේ ක්‍රියාමාර්ග පිළිිබඳ කලකිරීමකින් පසුවන ප්‍රබල මන්ත්‍රීවරුන් පිරිසක් සහ එජාප ප්‍රබලයින් පිරිසක් නැවත වරක් රනිල් - සජිත් පිල් එක්කර දේශපාලන ගමනක් නිර්මාණය කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි ආරංචි මාර්ග පැවසූවේ. 

එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බවයි. 

ආණ්ඩුව පෙරළන්න නම් එක තැනකට පැමිණිය යුතු බවත් බෙදී සිට රාජපක්ෂලාට එරෙහිව ගේම් ගසන්නට බැරි බවත් දිසානායක මහතා පෙන්වා දෙනවා.

"මහින්ද මහත්තයා" දුකින්

ආණ්ඩුව යන මාර්ගය ගැන කලකිරුණු වෙනසක් බලාපොරොත්තු වන ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් තමා සමඟත් කතා කරන බවත් "මහින්ද මහත්තයා" ඉන්නෙත් සතුටින් නොවන බවත් ප්‍රකාශ කළ බවයි දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ. 

ආණ්ඩුවට දුර ගමනක් නැති අතර කොහෙන් හෝ පිපිරීමක් වන බවත් එක්සත් ජාතික පක්ෂයට ඉතිරිවී තිබෙන්නේ පොඩි "ලයිට් එකක් "පත්තු කරන්න විතරක් බවත් නවීන් දිසානායක මහතා සඳහන් කළා.

නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

සමඟ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කළේ වසර 25ක් එජාප නායකත්වය හා විපක්ෂ නායකකමේ රැඳී සිටිමින් ලැබුණු ආණ්ඩු බලය රැකගැනීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ නැවත විපක්ෂ නායක ධූරය ගැන කතා කිරීම විහිළුවක් බවයි.

විපක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට සමගි පෙරමුණේ කිසිවකුත් සහාය ලබානොදෙන බවත් එසේ කිරීමෙන් තමන්ගේ දේශපාලන ජීවිතය විනාශ කරගැනීමට කිසිවකු ඉදිරිපවත් නොවනු ඇතැයි ද විතානගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 June 2021 10:11

Related items