April 28, 2024

"සහය නෑ" - ශ්‍රීලනිපය තීන්දුවක් ගනී

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

ඒ, පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව සමඟි ජන බලවේගය කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ පසුගිය 22 වනදායි. ඒ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන් ඇතිවයි.

මේ අතර, දෙමළ ජාතික සන්ධානය, උදය ගම්මන්පිළට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය දක්වන්නේ ද නැද්ද යන්න පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සදහන් කළේ.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද තවමත් ඒ පිළිබදව තීරණයක් ගෙන නැහැ.

Rate this item
(0 votes)